ඉදිරි මාස තුනක කාලය තුළ පාරිභෝගික පරිභෝජනය සදහා ඉන්දියාවෙන් බිත්තර මිලියන 92.1 ක් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මුදල් ආර්ථික ස්ථායිකරණය සහ ජාතික ප්‍රතිපත්ති ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (28) ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිර්දේශිත ඉන්දීය සමාගම් ත්‍රිත්වයකින් මේ සඳහා මිල ගණන් කැඳවා ඇත.
දේශීය වෙළඳපොලේ බිත්තර මිල ස්ථායිකරණය කිරීමේ අරමුණින් රජයේ වාණිජ නීතිගත සංස්ථාව මගින් බිත්තර ආනයනය කරන දේශීය වෙළෙඳ පොළට නිකුත් කිරීමට මීට පෙර ද කැබිනට් අනුමැතිය ලබා දී තිබිණි.
සුජීව තත්සර