කිලෝ ග්‍රෑම් 12.5 ලෙට්‍රෝ සහ ලාෆ් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 145 කින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වැඩි කිරීමට තීරණය කළ බව එම සමාගම් පවසයි.

ඒ අනුව ලිට්‍රෝ කිලෝග්‍රෑම් පහක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 58කින් ද, කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 26 කින් ද ඉහළ දැමූ බවද හෙතෙම එම සමාගම් පරිශ්‍රයේදී ඊයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී පැවසීය.

මිල ඉහළ යාමත් සමග රුපියල් 2982ක් ව පැවැති කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3127ක් දක්වාත්, රුපියල් 1198ක් පැවති කිලෝග්රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 1256ක් දක්වාත් වැඩි වී තිබේ. එමෙන්ම රුපියල් 560 එකක් පැවතුන කිලෝ ග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 587 ක් දක්වා වැඩිවී ඇත.

රාජ්‍ය ආයතනයක වගකීම නැවත වරක් තහවුරු කරමින් රුපියල් 10 ක ආසන්න මුදලකි න් පමණ වැඩි විය යුතුව තිබුණත් ලිට්ට්‍රෝ ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 145 කින් පමණක් වැඩි කරන බව මෙම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් සභාපතිවරයා කීවේය.

අනුර ප්‍රේමලාල්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *