දෛනික ගනුදෙනු අවසානයේ වාර්තාගත වර්ධනයක් පෙන්නුම් කිරීමට කොළඹ කොටස් වෙළදපොළ සමත්ව තිබේ.

ඒ අනුව කොළඹ කොටස් වෙළදපොළ සියලු කොටස් මිල දර්ශක අගය ඊයේ දිනයේ දී ඒකක 218.22කින් ඉහළ ගොස් තිබෙන අතර දිනය අවසානයේ එහි වටිනාකම ඒකක 11,374.64ක් ලෙස සටහන් විය.

එය පූර්ව ගනුදෙනු තුනය හා සැසඳීමේ දී සියයට 1.96ක ඉහළ යාමක් වන අතර ඒ ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියළු කොටස් මිල දර්ශකය කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇත.

මේ අතර s&p SL20 දර්ශකය දිනය අවසානයේ ඒකක 80.62ක් හෙවත් සියයට 2.56ක ඉහළයාමක් වාර්තා කරමින් ඒකක 3,234.27ක් දක්වා ඉහළ ගියේය.

දිනය තුල ගනුදෙනු පිරිවැටුම රුපියල් බිලියන 3.32ක් ලෙස සටහන් විය.

මහින්ද අලුත්ගෙදර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *