මේ වසරේ පළමු මාස අටක කාලය තුළ විදේශ රැකියා සදහා පිටත්ව ගිය පිරිස ලක්ෂ දෙක ඉක්මවා ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
ඒ අනුව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි ලියාපදිංචිය ලබා ඊයේ වන විට 200026 දෙනෙකු රැකියා සදහා විදේශගත වී ඇත.
විදේශ රැකියා සදහා ඉතිහාසය වැඩිම පිරිසක් පිටත්ව ගිය වසර බවට පසුගිය වසර වාර්තා වූ අතර, එම වසරේදී තුන්ලක්ෂ එකොලොස්දහසක පිරිසක් විදේශ ගතව තිබිණි.
මේ වසරේදීත් විදේශ රැකියා සදහා පිටත් වන සංඛ්‍යාව ලක්ෂ තුන ඉක්මවා යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
අනුර ප්‍රේමලාල්