තමා අනිවාර්යෙන්ම මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. වසර හතළිහකට පසු කිරිදි ඔය ව්‍යාපාරයේ දකුණු ඇල පිලිසකර කිරීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂනායකවරයා මේ බව කියා සිටියේය.

රජයේ නියෝජිතයන් පිරිසක් ගොබෙල්ස් ගේ මාධ්‍ය ප්‍රතිපත්තිය මවාපාමින් ජනාධිපතිවරණයට රනිල් ඉල්ලනවනම් සජිත් ඉල්ලන්නේ නැති බවට ව්‍යාජ ප්‍රවෘත්තියක් මවාපාන බවත් මෙම ප්‍රකාශ සිදු සිදු කරන්නේ තමා ජනාධිපතිවරණයට ඉල්ලන විට ගෝඨාභය සමග ගිවිසුම් ගසා තමා පරාජය කිරීමට උත්සාහ කළ අය බවත් හෙතෙම පැවසීය.

මේ ඇයගේ මනස විකෘති වී ඇති බවත් ඔවුන්ට දිය හැකි පිළිතුර විපක්ෂ නායකවරයා ලෙස තමා ජනාධිපතිවරණයට පෙනී සිටීම බවත් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය. එවැනි පිරිස් තමා ජනාධිපතිවරණයට පෙනී නොසිටින බවට ප්‍රවෘත්ති පළ කිරීමෙන් තමාගේ ජීවිතය සම්බන්ධයෙන් අවදානමක් ඇති බවත් පෙනී යන බව විපක්ෂනායකවරයා පැවසීය.

තමා කිසිදු අවස්ථාවක මරණයට බියවන නිවටයකු නොවන බවත් ඕනෑම දවසක ඕනෑම අභියෝගයකට මුහුණ මුහුණදීමට සූදානම් බවත් තමා කිසිදු අවස්ථාවක රාජපක්ෂලා සමග ඩීල් ගසා හා ගිවිසුම් දමා නොමැති බව විපක්ෂනායකවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *