දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් ඉකුත්දා ජිනීවා නුවර බලා පිටත්ව ගොස් තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මීළඟ සැසිවාරය ආරම්භ වීමට පෙර පැවැත්වෙන පෙර සාකච්ඡා කීපයක් සදහා සහභාගී වීමට ඔහු මෙලෙස ජිනීවා නුවර බලා පිටත්ව ගොස් ඇත.

බ්‍රිතාන්‍ය රජයේ ආරාධනය මත සමන්තිරන් මහතා ජිනීවා නුවර බලා පිටත්ව ගොස් ඇති අතර බ්‍රිතාන්‍යයේ මූලිකත්වයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කර ඇති ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සකස් කෙරෙණු යෝජනාව පිළිබඳ තවදුරටත් කෙරෙන සාකච්ඡා වලට සුමන්තිරන් මහතා මෙම සංචාරයේදී සහභාගී වනු ඇති බව දෙමළ ජාතික සන්ධාන ආරංචි මාර්ග සඳහන් කරයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 54 වැනි සැසිවාරය ලබන 11 වැනිදා සිට ලබන ඔක්තෝබර් මස 13 වැනිදා වැනි දා දක්වා පැවැත්වීමට නියමිතය.

ඩී.එල් ජයකොඩි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *