නාගරික ප්‍රදේශ තුළ සැරිසරන යාචකයන් පිළිබඳ සංගණනයක් කර වාර්තාවක් ලබා දෙන්න යැයි පාර්ලිමේන්තු ක්‍රම සහ විධි කාරක සභාව, සමාජ සේවා දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.

මෙම සංගණනය ග්‍රාම සංවර්ධන අභ්‍යාස සහ පර්යේෂණ ආයතනය සමග එක්ව සිදු කිරීමට සමාජ සේවා දෙපාර්තමේන්තුව සැලසුම් සකස් කොට තිබේ.

දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් කරන්නේ කාන්තා ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය යටතේ වන අතර මනෝ මනෝවිද්‍යා උපදේශක නිළධාරී, වනිතා සංවර්ධන නිලධාරී, සමාජ සේවා උපදේශන නිලධාරී ආදී ක්ෂේත්‍ර නිලධාරීන් යාචක සංගණනය කිරීමට යොදා ඇති බව කාන්තා ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශය පැවසී ය.

මෙම සංගණනය මේ මස පස් වැනිදා ආරම්භ කළ අතර හය, හත, අට දිනවල කරනු ලබයි. ශ්‍රී ලංකා පොලීසිය මේ වෙනුවෙන් දායකත්වය ලබාදීමට එකඟ වී තිබේ.

මෙම දත්ත රැස්කිරීමට නව මෘදුකාංග යොදා ගැනීමට එම දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.

සචිත්‍රා පෙරෙරා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *