දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සාකච්ඡා කිරීමට පෙර ඊයේ පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීම පිළිබඳ විපක්ෂ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ දී දැඩි විරෝධයක් දැක්වූහ.

මෙම විරෝධය නිසා පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ද ඇතිවිය. මෙම කාරනේ පිළිබඳ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා, මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල ඇතුළු පිරිසක් විරෝධය දක්වමින් අදහස් දැක්වූහ.

මෙම පනත පිළිබඳ මුදල් කමිටුව කිසිදු විශ්ලේෂණයක් කර නැතැයිද රාජ්‍ය මුදල් කාරක සභාව පාර්ලිමේන්තුවෙන් පැත්තකට කර දැමීමට මෙවැනි දේ සිදු කරනවාද යන්න මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රශ්න කළේය.

අනුරාධා හේරත්, ක්‍රිශාන් පතිරත් ජයසූරිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *