ලබන වසරේ පැවැත්වෙන මෙක්සිකෝ ජනාධිපතිවරණයේ දී ක්ලෝඩියා ෂින්බෝම් සහ ක්ෂොචිටි ගැලවෙස් ජනාධිපති ධුරයට තරග වැදීමට නියමිතය.

ජනාධිපතිවරණයෙන් කාන්තාවක තේරී පත්වන බව බොහෝ දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසය. එසේ වුවහොත් මෙක්සිකෝවේ පළමුවරට කාන්තාවක ජනාධිපතිධූරයට පත් වනු ඇත. 61 හැවැරිදි ක්ලෝඩියා විද්‍යාඥවරියක් වන අතර ඇය 2024 දී තමන් ජය ගනු ඇති බවට තරයේ විශ්වාස කරයි. මෙක්සිකෝ නගරයේ නගරාධිපතිනිය ලෙසින් 2018 වසරේ සිට කටයුතු කල ඇය තනතුරෙන් ඉවත් වූයේ ජනාධිපතිධූරයට ඉදිරිපත් වීම සදහාය.

විපක්ෂය විසින් ද කෙළින් කතා කරන ස්වදේශීය සම්භවයක් ඇති ක්ෂොචිටි ගැලවෙස් 2024 ජනාධිපති අපේක්ෂිකාව ලෙසින් නම් කර තිබේ. ඇය පරිගණක ඉංජිනේරුවරියක සහ ව්‍යාපාරික වන්නීය . ඇයට පක්ෂ තුනක සහායද ලැබෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *