පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගංවතුර සහ නායයාමේ අවදානම මත කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල පාසල් තුනක සහ මතුගම අධ්‍යාපන කලාපය පාසලක සිසු සිසුවියන්ට ඊයේ සිට අවදානම පහව යන තුරු නිවාඩු ලබා දීමට පාසල් බලධාරීන් තීරණය කර තිබේ.

ඒ අනුව හොරණ අධ්‍යාපන කොට්ඨාසය බුලත්සිංහල හල්වතුර දෙමළ විද්‍යාලය, පර ගොඩ කිතුල්ගොඩ කණිෂ්ඨ විද්‍යාලය සහ ඉහළ වෙල්ගම කනිෂ්ඨ විද්‍යාලය යන විදුහල් ඊයේ සිට තාවකාලිකව වසා එහි සිසු සිසුවියන්ට නිවාඩු ලබා දී ඇතැයි හොරණ අධ්‍යාපන කලාප ඒකකයේ පාසල් පරිපාලන අංශයේ ප්‍රකාශිකාවක් පැවසුවාය.

මතුගම කලාපයට අයත් මෝල්කාව දර්මපාල මහා විද්‍යාලය ද ගංවතුර තර්ජනය හේතුවෙන් වසා අවදානම පහව යනතුරු දරුවන්ට තම නිවෙස් වල සිටින ලෙස දැනුවත් කර ඇතැයි එහි විදුහල්පති සනත් මාලේවන මහතා අප කළ විමසීමකදී කීය.

වැසි තත්ත්වය ආරම්භ වූ ඉකුත් දා සිට මේ දක්වා ගංවතුර තත්වය ක්‍රමයෙන් වැඩි වෙමින් පවතින බවත් එහෙත් අවදානම තිබෙන ප්‍රදේශවල පහත්බිම් සහ මාර්ග ජලයෙන් යට වී ප්‍රදේශවාසීන්ගේ ගමනාගමනයට බාධා ඇතත් මෙතෙක් නිවාස ඡලයෙන් යටවීමේ අවදානමක් නැතැයි ද එසේ හානි පැමිණීමක් පිළිබඳ වාර්තා වී නැතැයි ද බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් රංගන ප්‍රසාද් පෙරේරා මහතා පැවසීය.

මතුගම වසන්ත කුමාර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *