‘G77 කණ්ඩායම සහ චීනය’ රාජ්‍ය නායක සමුළුව ඇමතීම සඳහා සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි සතියේ දී කියුබාව බලා පිටත්ව යාමට නියමිතය. ” වත්මන් සංවර්ධන අභියෝග හමුවේ විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදනයේ කාර්යභාරය” මැයෙන් ‘G77 සහ චීනය’ රාජ්‍ය නායක සමුළුව ලබන 15 සහ 16 දින කියුබාවෙ හවානා නුවර දී පැවැත්වේ. “G77 සහ චීනය’ රාජ්‍ය නායක සමුළුවේ වත්මන් සභාපති කියුබානු ජනාධිපති මිගායෙල් ඩීයෙස් කැනල් මහතා විසින් කරන ලද නිල ආරාධනයක් අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊට සහභාගි වෙයි.

මම රාජ්‍ය නායක සමුළුවට සමගාමීව ශ්‍රී ලංකාව සහ කියුබාව අතර ද්වීපාර්ශික සහයෝගිතාවය තවදුරටත් වර්ධනය කර ගැනීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ කියුබානු ජනාධිපති ජනාධිපතිවරයා අතර ද්විපාර්ෂික සාකච්ඡා පැවැත්වීමට ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය. විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය ඇතුළු විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද ජනාධිපතිවරයා සමග මෙම සමුළුවට සහභාගිවීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *