පසුගිය කාලයේ ඖෂධ විෂවීම නිසා මරණයට පත් පත් වූ පුද්ගලයන්ගේ මරණ සහතික තවම ලැබී නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන ඊයේ පාර්ලිමේන්තුවේදී කීය.

මාස හයකින් එම මරණ සහතික ලබා දෙන බවට අදාළ පුද්ගලයන්ගේ පවුල්වලට පවසා ඇති බවද ජයවර්ධන මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. එම පුද්ගලයන්ට ලබා දී ඇත්තේ තාවකාලික මරණ සහතිකයක් බවත් එහි එම පුද්ගලයන් මිය යාමට නිශ්චිත හේතුවක් සඳහන් කර නැතැයිද කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා කීය.

එම මරණ සහතික නොලැබීම නිසා එම මරණවල නිශ්චිත හේතුව සහිත කරුණු මෙම විශ්වාසභංගය විවාදයේ දී ඉදිරිපත් කිරීමට නොහැකි වී ඇති බව ද බවද මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

අනුරාධා හේරත්, ක්‍රිශාන් පතිරත්  ජයසූරිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *