සහල් සඳහා උපරිම සිල්ලර මිල නියම කර විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. සහල් විකිණිය හැකි උපරිම සිල්ලර මිල ගණන් ලෙස කීරි සම්බා රුපියල් 260ක්, සම්බා රුපියල් 230, සහ නඩු රුපියල් 220ක්, රතු කැකුළු රුපියල් 210ක් යැයි එම නිවේදනය සඳහන් කර තිබේ.

නියමිත මිල ගණනට සහල් අලෙවි කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙළදුන් වෙත දැනුම් දී තිබේ. සහල් වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධව දිවයින පුරා වැටලීම් අඛණ්ඩව සිදු කරනු ලබන බවත් නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවත් පාරිභෝගික සේවා අධිකාරිය නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත. වැඩි මිලට සහල් අලෙවි කිරීම සම්බන්ධව නඩු පැවරීමකදී තනිපුද්ගල ව්‍යාපාරයට අවම රුපියල් ලක්ෂයේ සිට උපරිම ලක්ෂ 5 දක්වා දඩ මුදලක් ද, පෞද්ගලික සමාගම් සදහා අවම රුපියල් ලක්ෂ 5 සිට රුපියල් මිලියන 5 දක්වා දඩ මුදලක් ද ගරු අධිකරණය මගින් නියම කළ හැකිය.

සහල් වැඩි මිලට අලෙවි කරන වෙළඳසැලක් ඇත්නම් ඒ පිළිබඳව පාරිභෝගික කටයුතු අධිකාරිය කෙටි දුරකථන අංකය වන 1977 වෙත තොරතුරු සපයන ලෙස අධිකාරිය මහ ජනතාවගෙන් ඉල්ලයි.

සචිත්‍රා පෙරෙරා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *