පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාල බ්‍රිතාන්‍ය චැනල් ෆෝ නාලිකාව මගින් විකාශය කළ වැඩසටහන පිළිබඳ පුළුල් පරීක්ෂණ පවත්වා ඉදිරි කටයුතු සිදු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීන්දු කර තිබේ.

ඒ අනුව චැනල් ෆෝ නාලිකාවේ හෙලිදරව්ව ගැන විධිමත් පරීක්ෂණයක් කිරීමට විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් තිදෙනෙකු ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත.

පොලිසිය, නීතීපති දෙපාර්තමේන්තුව හා සිවිල් සේවය නියෝජනය කරමින් මෙම කමිටුව පත් කිරීමට ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබේ.
එහි කමිටු නියෝජිතයන් පත් කිරීමේ කටයුතු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් වෙත පවරා ඇත.

ඊට අමතරව චැනල් ෆෝ හෙළිදරව් පිළිබඳ සෙවීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට ජනාධිපතිවරයා තීන්දු කර ඇති අතර එම කටයුතු ඉදිරියට ගෙන යාම ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුන්ග වෙත පවසා තිබේ.

ඕනෑම පුද්ගලයෙකුට තමන් සතු සාක්ෂි හා තොරතුරු මෙම කමිටුව හෝ තේරීම් කාරක සභාවට ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දීමට ද දීමට ද තීරණය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *