බොහෝ දෙනකු ක්ෂණික ආහාර රටාවට හුරු වීම නිසා ගතවූ මාස දෙක ඇතුළත දියවැඩියාව සහ හෘදයාබාධ හේතුවෙන් පුද්ගලයන් දෙසිය විසි දෙනෙකු පමණ මරණයට පත් වී ඇතැයි කොළඹ නාගර කතරක හදිසි මරණ පරීක්ෂක ඉරේෂා දේශානි සමරවීර මහත්මිය දිවයිනට පැවසුවාය.
මෙලෙස වැඩියෙන්ම මියගොස් ඇත්තේ කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල පදිංචි අවුරුදු 45ත් 55ත් අතර වයසේ පසුවන්නන් බව ද ඇය කියා සිටියාය.
ගත වූ කාලයේ දී කාන්තාවන් හා පිරිමි පුද්ගලයන් බොහෝ දෙනෙකු ක්ෂණික ආහාර වන නූඩ්ල්ස්, fried rice ඇතුළු ආහාර ගැනීම මෙම මරණ බොහෝමයකට බලපා ඇතැයි ද ඇය කියා සිටියාය.
සිදු කළ නිරීක්ෂණයට අනුව ගතවූ මාස දෙක තුළ සියයට 40 ක පුද්ගලයන් පිරිසක් මියගොස් ඇත්තේ ක්ෂණික ආහාර රටාව හේතුවෙන් බවද ඇය කීවාය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්