පාස්කු ප්‍රහාරය පිළිබඳව පරීක්ෂණ කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට බාර දෙන්නයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ ඉල්ලා සිටියේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද ඔහු පිළිබඳව මීට පෙර විශ්වාස පළ කර තිබෙන බැවින් අදාළ විමර්ශන කටයුතු ඔහුට භාර දිය හැකි බවද විපක්ෂනායකවරයා කීය.
එම ප්‍රහාරය පිළිබඳ සත්‍ය සෙවීමට විපක්ෂයට මෙන්ම ආණ්ඩුවට ඇත්ත උවමනාවක් ඇත්නම් ඉහත ලෙස කටයුතු කිරීම සාධාරණ යැයි හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන