සම්මත කිරීමට යන රැකීරක්ෂා නව පනත් කෙටුම්පත අනුව ගෘහ සේවාව ඇතුළු අවිධිමත් රැකියාවන්හි රැකියා සිදු කරන සියලු දෙනා සේවක අර්ථසාධක අරමුදලට සහ සේවක භාරකාර අරමුදලට දායක කරගන්නා බව කම්කරු හා විදේශ ඇමති මනුෂ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ කීය.
ඊට අමතරව සේවකයන්ගේ සෞඛ්‍ය, ආරක්ෂාව, ගරුත්වය සහ සුභසාධනය ලබාදීම සම්බන්ධයෙන්ද විශේෂ සැලකිල්ලක් එමගින් දක්වා ඇතැයි ද ඇමැතිවරයා කියා සිටියේ විපක්ෂ මන්ත්‍රීනි රෝහිණී විජේරත්න මහත්මිය විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන