ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය ඉකුත් අගෝස්තු මස අග වන විට ඇමරිකානු ඩොලර් මිලියන 3598දක්වා සියයට 4.4 කින් පහත වැටී ඇත.
පසුගිය ජූලි මස අග පැවති නිල සංචිත වත්කම් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 3765කි.
ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක මේ බව දැක්වේ.
නිල සංචිත වත්කම් වල අඩංගු ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය පසුගිය අගෝස්තු මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 3559ක් දක්වා අඩුවී ඇති අ වී ඇති අතර එය ඉකුත් ජූලි මාසයේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 3697ක් විය.
ශ්‍යාම් නුවන් ගනේවත්ත