බාල බෙහෙත් භාවිතය හේතුවෙන් මරණ විසිහතක් සිදුවී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ පැවසීය.

විපක්ෂනායකවරයා මෙසේ පැවසූයේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයේ දී ය.

සජිත් ප්‍රේමදාස මහතා මෙසේද සඳහන් කළේය.

බාල බෙහෙත් වලින් මරණ සිදු වෙලා නැහැ කියලා ආණ්ඩුව කියනවා. මරණ 27ක් වෙලා තියෙනවා. ඇමතිතුමා කියාවි කෝ සාක්ෂි කියලා. කමිටුව එහෙම කියලා නැහැ කියලත් කියාවි. බලන්න කරල තියන කපටි කම, සටකපට කම. කමිටුව කියලා තියෙන්නේ මෙම මරණ අසාත්මිකතා නිසා ඇති වූවක් ද කියලා හොයන්න විතරයි. ඇමතිතුමා පුර්ව නිගමනයකට ඇවිල්ල කමිටුව වරම සීමා කරලා.

වෛද්‍යවරුන් අද රට හැර යනවා. සාමාන්‍ය වෛද්‍යවරුන් අටසියයක් රට හැරදා ගොස් තිබෙනවා.

විශේෂඥ වෛද්‍යවරුන් තවත් විශාල පිරිසක් රට ගියා. විකිරණවේදී න් සේවය අනුමත සංඛ්‍යාව 1100යි. නමුත් ඉන්නේ 700 යි. කොළඹ මහ රෝහලෙත් විදුලිය විසන්ධි කරන්න ලෑස්ති වුනා යැයිණා යැයි ද විපක්ෂ නායක වරයා කීය.

සුජිත් හේවාජූලිගේ සහ අංජුල මහික වීරරත්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *