උඩරට සහ පහත රට තේ කර්මාන්ත ශාලාවල දිනපතා නිෂ්පාදනය කරනු ලබන නිමි තේ කිලෝවක් සදහා දැනට අය කරන බදු මුදලට අමතරව තවත් විශාල බදු මුදලක් අය කිරීමට රජය කටයුතු කරමින් සිටින බව උඩරට සහ පහත රට තේ නිෂ්පාදකයෝ පවසති.
උඩරට සහ පහත රට තේ වතු සමාගම් වලින් සහ කුඩා තේ වතු හිමියන්ගෙන් දැනට බදු මුදල් වශයෙන් අය කරනු ලබන්නේ වාර්ෂික යුද්ධ ලාභයෙන් සියයට 30 ක මුදලක් බවත්, නව බද්ද දිනපතා නිෂ්පාදනය කරනු ලබන නිමිතිය කොළ කිලෝවක් සදහා ඈ කිරීමට යෝජනා වී ඇති බවත් තේ වතු සමාගම් වල උසස් නිලධාරීහු පෙන්වා දෙති.
විදුලි බිල ඉහළ යාම, සේවක වැටුප් ඉහළ යාම, වර්තමානයේ පවත්වාගෙන යනු ලබන්නේ දැඩි අභියෝග හමුවේ බවත්, නිමි තේ කොළ කල කිලෝවක් සදහා නව බද්දක් අය කිරීමට රජය කටයුතු කළහොත් උඩරට සහ පහත රට තේ වගාකරුවන්, සහ කුඩා තේ වතු හිමියන්ට එම කර්මාන්තයෙන් ඉවත් වීමට පවා සිදුවන බව ද තේ වතු සමාගම් වල උසස් නිලධාරීහු පෙන්වා දෙති.