එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 54 වැනි සැසිවාරය ඊයේ ස්විස්ටර්ලන්තයේ ජිනීවා හි ආරම්භ විය.
ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත හිමාලි අරුණාතිලක ශ්‍රී ලංකා වෙනුවෙන් මෙරට කණ්ඩායමට නායකත්වය ලබා දුන්නේය.
සැසිවාරය න්‍යාය පත්‍රයට ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් වාර්තාව ඇතුලත් කර තිබේ. වසරකට පෙර ශ්‍රී ලංකාවේ ජනතාව ක්‍රමත් රාජ්‍ය පාලනයක් වෙනුවෙන් පෙනී සිටි බවත් යුක්තිය ඉටුකිරීමේ ක්‍රියාවලි ක්මනින් කිරීමට රජය අවංක උත්සාහයක් ගත යුතු බවත් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා අවධාරණය කර ඇත.
මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් සැසිවාරයේ ආරම්භක දේශනය සිදුකළ සිදුකළ අතර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් වාර්තාව මේ සමුළු අතර වාරයේ සාකච්ඡා කළේය.
මෙවර මානව හිමිකම් සැසිවාරය සඳහා රජය වෙනුවෙන් කිසිදු දේශපාලනඥයෙකු නියෝජනය නොකරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර ඇත.
සචිත්‍ර පෙරෙරා