ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධූරය වැඩ ආවරණය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සාරතී දුෂ්මන්ත මහතා පත් කර ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස් වූ මධ්‍යම කාරක සභාවේ දී මෙම තීරණය ගෙන ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පසුගියදා ඉවත් කළ අතර මේ වනවිට ඒ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාවලියක් ආරම්භ කර ඇත. එම අධිකරණ කටයුතු අවසන් වන තෙක් මහ ලේකම් ධූරයෙහි වැඩ ආවරණය කිරීම සඳහා සාරතී දුෂ්මන්ත මහතා පත් කර ඇත.

එමෙන්ම දයාසිරි ජයසේකර මහතා ඉවත් කිරීමේ යෝජනාව පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කර ඇති කර ඇති අතර මධ්‍යම කාරක සභාව මගින් එම යෝජනාව ඒකමතිකව අනුමත කර ඇත.

එමෙන්ම ජයසිරි ජයසේකර මහතා විසින් කොන්දේසි තුනක් යටතේ නැවත පක්ෂය වෙත එකතු වීමට කැමැත්ත පළ කරමින් ලිපියක් යොමුකර ඇති බව ද වාර්තා වේ.

ස්වර්ණා විජේකෝන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *