සෑම විටම ප්‍රතිවාදී පන්දු යවන්නන් බියට පත් කරවන හා නරඹන්නන් කුල්මත් කරවන ක්‍රිකට් පිටියෙ “කිං කෝලි” ලෙස හදුන්වන ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලී වේගවත්ම එක්දින ලකුණු 13000 සම්පූර්ණ කළ ක්‍රීඩකයා බවට ඊයේ වාර්තාවක් පිහිටුවීය. සනත් ජයසූරිය ආසියානු කුසලාන එක්දින තරගාවලියේ ශතක හයක් ලබා සිටි බැවින් කෝලි ශතක හතරක් ලබා ආසියානු කුසලානය වැඩිම දෙවැනි ශතක ලාභියා ලෙස කුමාර් සංගක්කාර සමඟ සමතැන් ගැනීමට සමත් වීම ද විශේෂත්වයකි.

කොලි වේගවත්ම එක්දින ලකුණු 13000 ඉනිම 267කින් සම්පූර්ණ කරද්දී, මෑත කාලයේ ක්‍රිකට් විරුවන් බවට පත්වූ සචින් තෙන්ඩුල්කාර් ඉනිම 321කින්, රිකි පොන්ටිං ඉනිම 341කින්, කුමාර සංගක්කාර ඉනිම 363කින් සනත් ජයසූරිය ඉනිම 416කින් ලකුණු 13000 සම්පූර්ණ කළහ. කෝලි එකම ක්‍රීඩාංගනය කදී පිට පිට වාර්තා කළ වැඩිම ශතක ගණන සම කර ගත්තේ දකුණු අප්‍රිකාවේ හෂීම් අම්ලා සෙන්චූරියන් පිටියේ ලැබූ පිට පිට ශතක හතරක වාර්තාව වේ. සනත් ජයසූරිය සිඩ්නි ක්‍රීඩාංගනයේ පිට පිට ශතක තුනක් ලබා තිබීම ශ්‍රී ලංකා ක්‍රීඩකයකුගේ මතක සටහනකි. එමෙන්ම සහීර් අබ්බාස් ලාහෝර් ගඩාෆි ක්‍රීඩාංගනයේ, සහීඩ් අන්වර් සාජා පිටියේ, රෝහිත් ශර්මා එංගලන්තයේ බර්මින්හැම් හිදී හා ක්වින්ටන් ඩ්. කොක් සෙන්චූරියන් පිටියේ, පිට පිට ශතක තුන බැගින් ලබාගත්හ.

ප්‍රින්ස් ගුණසේකර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *