සති කිහිපයක් තිස්සේ පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් හම්බන්තොට දිස්ත්රික්කයේ කුඹුරුවල පැවසුණු වී කරල් පැළ වී ඇතැයි ගොවීහු මැසිවිලි නගති. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවීහු මාස කිහිපයක් තිස්සේ ජලය නොමැතිව පීඩා වින්දහ. පීදුණු ගොයම් විශාල ප්‍රමාණයක් ඉන් විනාශ වූ අතර ඉන් ඉතිරි වූ ගොයමට ද වර්ෂාපතනයෙන් දැන් හානි සිදුව ඇත. අස්වනු නෙලීමට ආසන්න වූ පැසුණු ගොයම් අක්කර සිය ගණනක් අස්වනු නෙලීමට නොහැකි වූ අතර ඒවායේ ප්‍රථම වී කරල් ගොයම් ගස ගසේ තිබියදී පැළ වී ඇත. වැසි ඇද හැලීමට නෙලා ගත් වී වේලා ගැනීමට නොහැකිව තවත් ගොවීන් පිරිසක් පීඩාවට පත්ව සිටින අතර වී ගොඩවල් තුළ ම ඒවා ද පැළ වී ඇතැයි ඔවුහු මැසිවිලි නගති. තංගල්ල, නොටොල්පිටිය, රන්න, අගුණකොලපැලැස්ස, මුර වැසි හේන යන ප්‍රදේශවල ගොවීහු මෙලෙස පීඩාවට පත්ව සිටිති.
අනීෂා මානගේ