පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ත්‍රිත්වයක් ඇරඹීම සඳහා අනුමැතිය ලබාදී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. මහනුවර ප්‍රදේශීය පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් අදහස් පල කලේය.

” වෛද්‍ය විද්‍යාව හදාරන්න සුදුසුකම් ලබන දරුවෝ ගොඩක් ඉන්නවා. මේ වන විට අපේ විශ්වවිද්‍යාල 11 ක් තිබෙනවා. ඒ තිබුනට ඒක මදි.: අපේ විශ්ව විද්‍යාල වල වෛද්‍ය උපාධියට ලෝකයෙන්ම පිළිගැනීමකුත් තිබෙනවා. ඒ පිළිගැනීම කඩන්නෙ නැතිව ඒ ප්‍රමිතියට ඒ මට්ටමට පෞද්ගලිකව හෝ රාජ්‍ය විශ්වවිද්‍යාල නිර්මාණය වෙනවා නම් එයින් පිට වෙන කණ්ඩායම් ලෝකයටත් අපිටත් දෙන්න පුළුවන් නම් ඒ හා සමාන්තරව යන්න පුළුවන් වැඩපිලිවෙලක් නිර්මාණය කරන්න ඕනේ.

මම සෞඛ්‍ය ඇමති විදිහට පෞද්ගලික විශ්ව විද්‍යාල තුනක් බිහි කරන්න අවසර දීලා තිබෙනවා. ඒ ඇය මේ වන විට ක්‍රියාත්මක වෙමින් තිබෙනවා” යැයි ඇමැතිවරයා කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *