බේරේ වැවේ ජලය ජලයේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම සදහා වන නියමු ව්‍යාපෘතියක් සදහා රජයේ ආයතන කිහිපයක් එක්ව කටයුතු කිරීමට ජපානයේ
හිමිකාරිත්වය සහිත සිංගප්පූරුව ආයතනයකට රජයේ ප්‍රතිපත්තිමය අවසන හිමිවී තිබේ.

ක්ෂුද්‍ර නැනෝ බුබුළු තාක්ෂණය, කාබන් ෆයිබර් ජෛව පටල තාක්ෂණය සහ පරිසරයට හිතකර එන්සයිම භාවිතා කරමින් බේරේ වැවේ එහි ජලය ජලයේ ගුණාත්මකභාවය වැඩි ගුණාත්මකභාවය වැඩි කිරීමට එකී ආයතනය කටයුතු කරන බව ද අදාළ ආයෝජක කරුණු ඉදිරිපත් කර ඇත.

සියලුම විශ්ව විද්‍යාල වල ජලයේ ගුණාත්මකභාවය දැනුමැති විශේෂඥයන් හා පර්යේෂණ ආයතන නියෝජිතයන්ගෙන් සමන්විත විශේෂඥ කමිටුවක මඟපෙන්වීම යටතේ වසර පහක කාලයක් එය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඒ අනුව එම වසර වසරවල අත් කරනු ලබන ප්‍රතිඵල මත තවදුරටත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවාද නැද්ද යන්න තීරණයකට එළඹීමට එළැඹීමට තීරණය කර ඇත.

මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්තිය අමාත්‍යවරයා හා නාගරික සංවර්ධන නිවාස අමාත්‍යවරයා ඒකාබද්ධව ඉදිරිපත් කරන ලද යෝජනාවකට මෙලෙස කැබිනට් අනුමැතිය හිමි වී ඇත.

මිතුන් ජයවර්ධන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *