ඉදිරි මාස 4ක කාලයක් තුළ ඔක්ටේන් 92 යූ එන් එල් වර්ගයේ පෙට්‍රල් නැව් තොග හතරක් සිංගප්පූරුවේ විටෝල් එෂියා සමාගමෙන් ලබා ගැනීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය තීරණය කර ඇත.

මෙම මිලදීගැනීම දිගුකාලීන කොන්ත්‍රාත්තුවක් ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලියාපදිංචි සැපයුම්කරුවෙකු වන සිංගප්පූරුවේ විටෝල් එෂියා සමාගමෙන් ලබා ගැනීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

මේ සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන් වෙතින් දිගුකාලීන කොන්ත්‍රාත්තුවක් ලෙස ලංසු කැදවා ඇති බවත් ඒ සඳහා සමාගම් හතරක් ලංසි ඉදිරිපත්කර ඇති බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය. අමාත්‍ය මණ්ඩලය පත් කරන ලද විශේෂ ස්ථාවර සම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි අදාල සම්පාදන කටයුතු සිදුකර අදාල සමාගම වෙත කොන්ත්‍රාත්තුව ලබා දීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *