ශ්‍රීලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව සංශෝධනය කිරීම හෝ ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගැනීම ලබන මස දහවෙනිදා දක්වා වළක්වාලමින් අභියාචනාධිකරණය ඊයේ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සභාපති ශම්මි සිල්වා හා එම ආයතනය ලේකම් මොහාන් ද සිල්වා යන මහත්වරුන් විසින් නීතිඥ එම්. ජේ සංජය ෆොන්සේකා මහතා මගින් ගොනුකර තිබූ රිට් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ජනාධිපති නීතීඥ කුවේරා ද සොයිසා මහතා කළ කරුණු දැක්වීම් සලකා බැලූ අභියාචනාධිකරණය සභාපති නිශ්ශංක බන්දුල හා චමත් මොරායස් මහත්වරුන් එම නියෝගය කළහ.

ක්‍රීඩා අමාත්‍යවරයාගේ එම ක්‍රියා කලාපය මගින් ක්‍රිකට් ක්‍රීඩාවට දැඩි අගතියක් වන බව සිය පෙත්සම මගින් පෙන්වා දී තිබූ පෙත්සම්කරු සිය පෙත්සම විභාගයට ගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව සංශෝධනයට ලක් කිරීම වළක්වාලමින් ක්‍රීඩා අමාත්‍යවරයා, ඔහුගේ නියෝජිතයින් වළක්වාලමින් රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් සිය පෙත්සම විභාගයට ගෙන අවසන් තීන්දුවක් ලබා දෙන තුරු බලපැවැත්වෙන පරිදි අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *