අපොස උසස් පෙළ 2021 හා 2022 විභාගයන්ගේ විශිෂ්ට දක්ෂතා දැක්වූ දරුවන් ඇගයීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහත්වරුන් ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී ඊයේ සිදුවිය.

මෙම විශිෂ්ට දක්ෂතා දැක්වූ තමන් වෙනුවෙන් ජනාධිපති ඇගයීම් ප්‍රණාම සහතික සහ මුදල් ත්‍යාග පිරිනැමීම ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

ඒ අනුව 2022 අධ්‍යයන වර්ෂය සදහා විෂය සඳහා විෂය ධාරාවන් හයක් ඔස්සේ පෙනී සිටි දිවයිනේ පළමු ස්ථාන දහයට තේරි පත් වූ සිසු දරුවන් 60 දෙනාට සහ 2021 අධ්‍යන වර්ෂය විෂයධාරා හයක් ඔස්සේ පෙනී සිට දිවයිනේ පළමු ස්ථාන පහ අතරට පත් වූ සිසුන් තිදෙනා ද ඇතුළු සිසුන් දරුවන් අනූ දෙනෙකු ජනාධිපතිවරයා අතින් ඇගයීමට ලක් විය.

උසස් පෙළ විෂය ධාරා 6mm ආවරණය වන පරිදි දිවයිනේ ප්‍රථම දෙවන සහ තෙවන ස්ථාන සදහා රුපියල් ,පනස්දාහක් බැගින් මුදල් ත්‍යාග පිරිනැමුණු අතර අනෙක් ස්ථාන සදහා රුපියල් 25,000 බැගින් වූ මුදල් දෙයක් මෙහිදී පිරිනැමිණි.

උසස් පෙළ විශිෂ්ටතා දැක්වූ දරුවන් සමඟ සුවද කතා බහකට එක් වූ ජනාධිපතිවරයා අධ්‍යාපනය සම්බන්ධයෙන් ද ඔවුන්ගේ අදහස් දැක්වීමට ආරාධනා කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *