උපයන විට බද්ද සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමඟ ද සාකච්ඡා කිරීමට, ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව තීරණය කර තිබේ.

දෙවැනි ණය මාර්ගය ලබාදීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් අද මෙරට පැමිණෙති.

මෙම නියෝජිතයන් සමඟ සාකච්ඡා කර අනිවාර්යයෙන්ම යම් එකඟතාවයකට පැමිණ ලබන වසර සදහා වන අය වැයෙන් උපයන විට බද්ධ ට සංශෝධන යෝජනා ගෙන ඒවාට මැදිහත් වන බව එම කාරක සභාවේ සභාපති රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ පැවසීය.

උපයන විට අයකෙරෙන බද්ධ වෘත්තීයවේදීන් රට හැර යාමට ප්‍රධාන හේතුවක් වී තිබෙන හෙයින් මේ සඳහා සක්‍රීයව මැදිහත් වීම අවශ්‍ය යැයි ද සභාපතිවරයා සඳහන් කළේය.

මෙම බදු ක්‍රියාවලියෙන් බලපෑමට ලක් වූ වෘත්තිකයන් නියෝජනය කරමින් ඔහු සංගම් කිහිපයක් සමග පසුගියදා පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවක් පවත්වා තිබේ. බදු සංශෝධන වලින් බලාපොරොත්තු වූ දේ සහ අරමුණු ඉටුවී තිබේ ද, ඒ ඔස්සේ බලාපොරොත්තු වූ ආදායම් උපයා ගැනීමට හැකිවී තිබේද යන්න පිළිබඳව වෘත්තීය සංගම් නියෝජිතයන් එහිදී අදහස් පළ කර ඇත. උපයන විට බද්ධ සදහා සිදුකල සංශෝධන හේතුවෙන් බොහෝ වෘත්තිකයන් පීඩාවට පත්ව ඇති බවද ඔවුන් එහිදී ප්‍රකාශ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *