බදින ලද තුවක්කුවක් පත්තු වීමෙන් තුවාල ලබා තුන්මසක් තිස්සේ ප්‍රතිකාර ලබමින් සිටින අග්බෝ ඇතා තරමක් සුවය ලබා ඇති බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.

මීට මාස තුනකට පෙර එනම් පසුගිය ජූනි මස දඩයක්කරුවෙකු විසින් අටවන ලද බදින්න තුවක්කුවක් පත්තු වීමෙන් ඇතාගේ ඉදිරිපස වම් පාදයට බරපතළ තුවාල සිදුව තිබිණි. අනුරාධපුර කලාපය භාර වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ ඇතුළු කණ්ඩායම තුවාල ලද හස්තියාට ප්‍රතිකාර කිරීමේ වගකීම භාර ගත්තේය. මෙලෙස සුව වෙමින් සිටින අග්බෝ හට ආහාරය පිණිස වී අස්වැන්නෙන් කොටසක් ලබා දීමට ද ඉපලෝගම අස්වැද්දුම ගමේ ගොවියෝ තුන්වැනි වරටත් කටයුතු කළහ.

වන්නම්අඩු වැව් පිටියේ රදවා ගෙන සිටින අග්බෝ සවස් කාලයේ දී වැවට බැස ජලස්නානය කර ගොවීන් විසින් ගෙනැවිත් දුන් ගොයම භුක්ති විදීමට දැන් පුරුදුව සිටින්නේ ය.

” අපි අද තිරප්පනය වන්නම් මඩුවටආවේ අග්බෝ හස්තියාට අවශ්‍ය කරන ආහාර ටික අරගෙන. මේ ආපු තුන්වෙනි වතාව. පළමු පාර සුවදැල් වී ගෙනැවිත් දුන්නා. මේක ලොකු පින්කමක්, බොහොම ශ්‍රද්ධාවෙන් තමයි අපි මේ දායක පින්වතුන් මේ පින්කම් සිද්ධ කරන්නේ. විශේෂයෙන්ම මේ හස්තියාගේ ජීවිතය ආරක්ෂා කර ගන්නටයි අපිට උවමනා කරලා තියෙන්නේ. ඒ සඳහා වනජීවී නිලධාරීන්ට විශාල පරිශ්‍රමයක් දරනවා” මෙම කටයුත්ත සම්බන්ධයෙන් අදහස් දැක්වූ කලා කරඹෑව ශ්‍රී විද්‍යාදාර මහ පිරිවෙනෙහි පරිවේණාධිපති ධම්මරක්ඛිත හිමි කියා සිටියහ.

නිවෙස්වල සිටින කාන්තාවෝ පවා මෙම කටයුත්තට දායක වූ බව උන්වහන්සේ කියා සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *