නවීන තාක්ෂණික ක්‍රම යොදා ගෙන මීමැසි ජනපද ඇතිකර වදවලට කිසිදු හානියක් සිදු නොකර පැණි ලබාගැනීමේ ක්‍රමවේදයක් පිළිබඳ රජරට සහභාගීත්ව සංවර්ධන පදනම මගින් හදුන්වා දුන්නේය.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සම්පත් දායකත්වයෙන් ඇරඹි මෙම ක්‍රමවේදය රබෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වහමල්ගොල්ලෑව ග්‍රාමයෙන් ඇරඹිණි. මේ සදහා කැබිතිගොල්ලෑව මිහින්තලේ හා මැදවච්චි යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පවුල් එකසිය හතළිහක් ද සහභාගි වී සිටියහ.

එක් පවුලක් සදහා නොමිලේ මී මැසි පෙට්ටි 2 බැගින් මෙහිදී ලබා දුනි. පසුව මී මැස්සන් ජනපද කරගන්නා ආකාරය පිළිබඳව ද උපදෙස් ලබා දීම ද සිදු කෙරිණි. සාර්ථකව මී මැස්සන් ජනපද කරගන්නා පවුලකට අතිරේක මී මැසි පෙට්ටියක් නොමිලේ ලබාදීම ද සිදු කෙරිණි.

මෙම නවතම මී මැසි පාලනමැසි වැඩසටහන අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල ව්‍යාප්ත කිරීමට කටයුතු කරන බව රජරට සහභාගීත්ව සංවර්ධන පදනම සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *