මෙම වර්ෂයට අදාළ වලංගු ජීවිත සහතික ලබා නොදීම හේතුවෙන් විදේශ ගත විශ්‍රාමිකයන් 1061කගේ විශ්‍රාම වැටුප තාවකාලිකව අත්හිටුවා ඇත.

විදේශයන්හි ජීවත් වෙන විශ්‍රාමිකයන් සිය විශ්‍රාම වැටුප් අඛණ්ඩව ලබා ගැනීම සදහා වර්ශයකට වරක් ජීවත්වීමේ සහතිකයක් ලබා දීම අනිවාර්ය වන අතර එසේ නොවන විට විශ්‍රාම වැටුප් ගෙවීම නවතා දැමීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පියවර ගනු ලබයි.

ඒ අනුව මෙම වර්ෂයට අදාළ වලංගු ජීවිත සහතික ලබා නොදීම මත මෙලෙස ඔවුන්ගේ විශ්‍රාම වැටුප තාවකාලිකව අත්හිටුවා ඇති බවත් එය නැවත සක්‍රිය කර ගැනීම සදහා අදාල සහතික, විශ්‍රාමිකයා පෞද්ගලිකවම තනාපති කාර්යාලය වෙත ලබාදිය යුතු බවත් විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ජගත් ඩයස් පැවසීය. ජීවත් වීමේ සහතිකය තානාපති කාර්යාලය මගින් නොමිලේ සහතික කර ගත හැකි බව බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *