ලබන වසරේ සිට ඉන්ධන මිල දිනපතා සංශෝධනය කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය තීරණය කර ඇත. මෙම තීන්දුව ගෙන තිබුණේ අමාත්‍යංශයේ පැවැති විශේෂ සාකච්ඡාවකදීය. ඊට සමගාමීව ඉන්ධන මිල පිරවුම්හල් සතු පොම්ප ස්වයංක්‍රීයව ක්‍රියාත්මක කළ හැකි ලෙස සකස් කිරීමට ද කිරීමද ආරම්භ කර තිබේ.

එහිදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සෑම දිනකම රාත්‍රී 12ට ඉන්ධන මිල සංශෝධනය ප්‍රකාශයට පත් කරයි. එම මිළ ගණන් වලට අනුල ගණන් වලට අනුව ලංකා ඉන්දීය තෙල් සමාගම සහ sinopec සමාගමද ඉන්ධන අලෙවි කළ යුතු බව අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

මෙම සාකච්ඡාවේදී නව ඉන්ධහල් ඉදිකිරීමේ කටයුතු සහ ලිහිසි තෙල් අලෙවි කිරීම සම්බන්ධයෙන් ද කරුණු ඉදිරිපත් කෙරිණි. තවද සියලුම ඉන්ධන සඳහා ස්වයංක්‍රීය පොම්ප සහ තොග ලබා ගැනීමේ උපකරණ සවි කිරීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

අමාත්‍යංශය මෙම තීරණය ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමය සමඟ ඊයේ පැවති සාකච්ඡාවක දී දැනුම් දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *