ලක්ෂ සංඛ්‍යාත මගී පිරිසක් අසීරුතාවයට පත් කරමින් දුම්රිය වර්ජනය ක්‍රියාත්මක කළ රියදුරන් 84 දෙනාම සේවය අතහැර ගියා සේ සළකා රාජකාරිවලින් ඉවත් කිරීමට දුම්රිය මූලස්ථානය පියවර ගෙන ඇත.
දුම්රිය සාමාන්‍ය අධිකාරි විසින් මෙකී රියදුරන් 84 දෙනාගේම ලිපිගොනු ඊයේ සවස ගෙන්වා ගත් බව දුම්රිය මූලස්ථානය උසස් නිලධාරියෙක් සඳහන් කළේය. උසස්වීම් ගැටලුවක් මුල් කර ගනිමින් දුම්රිය එන්ජින් රියදුරන් පිරිසක් පෙරේදා මෙම වර්ජනය ආරම්භ කර තිබිණි.
ඒ හේතුවෙන් මගීන් පත්වූ පීඩාව සැලකිල්ලට ගෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් සේ සලකා අති විශේෂ ගැසට් නිවේදනයක් ද ප්‍රකාශයට පත් කළේය.
ඒ අනුව වර්ජනය නිරත දුම්රිය රියදුරන්ට සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය සිදු කරන ලෙස දැනුම් දී තිබුණු අතර ඊට අවනත නොවුණු රියදුරන් දෙවැනි දිනටත් ඊයේ වර්ජනය ක්‍රියාත්මක කළහ.
මේ අනුව ප්‍රවාහන ඇමති ඇමැති බන්දුල ගුණවර්ධන දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ට උපදෙස් ලබා දී තිබුනේ වර්ජනයේ නිරත සේවය සදහා වාර්තා නොකළ රියැදුරන් අසූ හතර දෙනා සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ය.
මොවුන් සේවාව අතහැර ගියා සේ සළකා ලිපි යොමු කර ඇත්තේ ඒ අනුවය. ඔවුන් සදහන් කරන්නේ සේවය අතහැර ගියා සේ සළකා ලිපි යොමු කළ ද ගැටලු සදහා විමසුම් ලබා දෙන තුරු අඛණ්ඩව වර්ජනය ක්‍රියාත්මක කරන බව ය.