ඇබිලිපිටිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් තෙල්බදු ආර හා මොදරවාන යන ප්‍රදේශවල වෙසෙන අඩු ආදායම්ලාභී පවුල් පන්සීයකට ආසන්න සංඛ්‍යාවකට ජලය සපයන ලද මොදරවාන ප්‍රජා ජල ව්‍යාපෘතියේ විදුලි බිල ගෙවා ගැනීමට නොහැකිව පසුගිය අගෝස්තු 25 වන දින සිට විදුලිය විසන්ධි කිරීම හේතුවෙන් දෙදහසකට වැඩි ජනතාවක් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි ඔවුහූ කියා සිටිති.
ඉහත ජල ව්‍යාපෘතිය 1993 ඇබිලිපිටිය බෝධිරාජ දහම් ආයතනය විසින් ඉදිකර දී ඇති අතර එහි විදුලි බිල සදහා එක් පාරිභෝගිකයෙකු රුපියල් තුන්සිය ගානේ මෙතෙක් ගෙවා ඇති අතර විදුලි බිල වැඩි වීමත් සමග එක් පරිභෝගිකයෙකුට රුපියල් දහසකට වැඩි මුදලක් ගෙවීමට සිදුව ඇත. එය ඔවුන්ට දරාගත නොහැකි මුදලකි. මේ වන විට රුපියල් ලක්ෂ 5 කට ආසන්න හිග විදුලි බිලක් ඇති අතර එය විසන්ධි කිරීමට ඉඩ ලබා නොදී බෝධිරාජ ධර්මායතනය විසින් රුපියල් ලක්ෂ දෙකක් පමණ ගෙවා ඇත. එසේ තිබියදී ඉකුත් විසිපස් වැනි දින පොම්පාගාරයේ විදුලි විසන්ධි කිරීම නිසා ජලය ලබා ගැනීමට නොහැකි කමින් ගම්මාන දෙකක විශාල පිරිසක් මාසයකට ආසන්න කාලයක සිට දැඩි පීඩාවට පත්ව ඇත. අදාල ප්‍රදේශයක ජලය සොයා ගැනීමට නොහැකි කමෙන් දුර බැහැර පළාත්වල සිට මුදලට ජලය ගෙන්වා ගැනීමට සිදුව ඇත. ගේ දොර වැඩ කටයුතු, රෙදි සෝදා ගැනීම ඇතුළු දරාගත නොහැකි ප්‍රශ්න රැසකට මැදිව ඇතැයි පවසන ඔවුන් රජය මැදිහත්වී මේ පිළිබඳව වහාම පියවරක් ගෙන තමන්ගේ මානුෂීය අයිතියක් වන ජල ගැටළුවට විසඳුමක් ලබා දෙන ලෙස ඔවුහු ඉල්ලා සිටිති.