ඔපන් ඒ.අයි සමාගමේ චැට් ජී පී ටී කෘතිම බුද්ධි වැඩසටහන සමඟ තරග සමග තරග වැදීමට ගූගල් මව් සමාගම ජෙමිනි නම් නව කෘතිම බුද්ධි වැඩසටහනක් හඳුන්වා දී තිබේ.
ජෙමිනි, ඕපන් ඒ. අයි. සමාගමේ පීපීටී 4 මොඩලය සමග තරග කිරීමට නියමිතය.
ගූගල් මව් සමාගම මුල් අදියරේ ජෙමිනි වැඩසටහන අත්හදා බැලීම සදහා සමාගම් කිහිපයකට ලබා දී ඇත. මුල් අදියරේ ජෙමිනි වැඩසටහන සාරාංශ කිරීමේ, ගීත රචනා කිරීමේ, විද්‍යුත් ලිපි ලිවීමේ සහ පුවත්පත් වාර්තා ලිවීමේ හැකියාවන් ඇතුළුව තවත් හැකියාවන් රාශියක් තිබෙන බව ගූගල් මව් සමාගම වූ ඇල්ෆබට් පවසා තිබේ. එසේම ජෙමිනි මෘදුකාංග ඉංජිනේරුවරුන්ට ඉතාමත් ප්‍රයෝජනවත් වනු ඇතැයි ඇල්ෆබට් සමාගම ප්‍රකාශ කර ඇත.