චීන ආරක්ෂක අමාත්‍ය ලී ශැන්ග් ෆූ ධුරයෙන් ඉවත් කර ඇති බවත් ඔහු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් ඇමරිකා එක්සත් ජනපදය රජය විශ්වාස කරන බව ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත.

අමාත්‍යවරයා අවසන් වරට පසුගිය අගෝස්තු 29 වැනිදා ප්‍රසිද්ධියේ පෙනී සිටිමින් අප්‍රිකානු ජාතීන් සමඟ පැවැත් ආරක්ෂක සමුළුවක ප්‍රධාන දේශනය පවත්වා ඇති අතර ඉන් පසු ඔහු ප්‍රසිද්ධියේ පෙනී සිට නැත.

අමාත්‍යවරයා සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවට ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත වාර්තා කළත් ඔහු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට හේතුව එම ලිපියේ සදහන් කර නොතිබිණි.

අමාත්‍යවරයා ඔහු සිදු කිරීමට නියමිතව තිබූ වියට්නාම සංචාරය අවලංගු කිරීමටත්, සිංගප්පූරු නාවික හමුදා ප්‍රධානියා සමඟ පැවැත්වීමට නියමිතව තිබූ හමුවට සහභාගී නොවී සිටීමටත් හේතුව වී ඇත්තේ නිවාස අඩස්සියට පත් වීම දැයි අමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයන් ප්‍රශ්න කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *