ඉන්දීය නාවික හමුදාවට අයත් ‘නිරීක්ෂක්’ දින හතරක සංචාරයක් සදහා පෙරේදා ත්‍රිකුණාමලය වරාය අධිකාරියට අයත් අශ්‍රොෆ් ජැටියට සේන්දු විය.

ලබන විසි එක් වෙනිදා දක්වා දිවයිනේ රැඳී සිටින කාලය අතරතුර මෙම නැව ශ්‍රී ලංකා නාවික හමුදා කිමිදුම් අංශ සමග කිමිදුම් වැඩසටහනක් පැවැත්වීම, ත්‍රිකුණාමලය ජනතාව වෙනුවෙන් වෛද්‍ය කදවුරක් පැවැත්වීම, වැදගත් ස්ථාන නැරඹීම හා දෙරටේ සුහදත්වය වර්ධන වර්ධන වැඩසටහන් පැවැත්වීමට නියමිතය.

ත්‍රිකුණාමල වරායට සේන්දු වූ මෙම නෞකාව 137ක කාර්ය මණ්ඩලයකින් සමන්විත වන අතර එහි අණදෙන නිලධාරී ලෙස කමාන්ඩෝ ජීතු සිං වවුහාන් මහතා කටයුතු කරයි.

ත්‍රිකුණාමලය අමදෝරු අමරජීව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *