ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරය ලබන 21 වෙනිදා ඇමැතීමට නියමිතය. ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර දී සැප්තැම්බර් 18 වැනිදා සිට 21 දක්වා මෙම සමුළුව පැවැත්වේ.

” 2030 න්‍යාය පත්‍රය වෙනුවෙන් සාමය, සෞභාග්‍යය ප්‍රගතිය සහ තිරසාර භාවය මත පදනම්ව තිරසර සංවර්ධන ඉලක්ක ජය ගැනීමේ ක්‍රියාමාර්ග වේගවත් කිරීම සඳහා විශ්වාසය යළි ගොඩනැංවීම සහ ගෝලීය සහයෝගීතාවය යළි ඇතිකිරීම” යන්න මෙවර එහි තේමාව වී තිබේ.

එසේම ජනාධිපතිවරයා 2023 තිරසර සංවර්ධන ඉලක්ක සමුළුවේ රාජ්‍ය නායක හමුව අමතා විශේෂ දේශනයක් සිදු කිරීමටත්, එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා කැදවා ඇති ” දේශගුණික අභිලාෂ පිළිබඳ සමුළුව” ඇමතීමට ද නියමිත ය.

සංවර්ධනය සදහා වන මූල්‍ය කරණය පිළිබඳ “ණය තිරසර භාවය ඇති කිරීම සහ ගෝලීය මූල්‍ය ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීම” යන මෙයින් පැවැත්වෙන ඉහළ පෙළේ රැස්වීමේ ප්‍රධාන දේශනය ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදු කරනු ලබනු ඇත.

එසේම සමුද්‍රීය ජාතීන් සදහා වන තුන්වැනි ආසියානු පැසිෆික් දූපත් රාජ්‍යයන් අතර සංවාදයේ ප්‍රධාන දේශනය පැවැත්වීමට ද ජනාධිපතිවරයාට පැවරී තිබේ.

නිව්යෝර්ක් සංචාරය අතරතුර ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරේස් සහ අනෙකුත් සාමාජික රටවල රාජ්‍ය නායකයන් හමු වී සාකච්ඡා පැවැත්වීමටද නියමිතය.

අමිත් මධුරංග ගමගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *