නියමිත ටෙන්ඩර් පටිපාටියට අනුව කටයුතු කළ අතර තාක්ෂණික දෝෂයක් නිසා ටෙන්ඩර් විවෘත කිරීම පමණක් අද පෙරවරු 9.30 දක්වා කල් දැමූ බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

අමාත්‍යංශය මේ බව පවසන්නේ ‘නිලධාරීන්ගේ විරෝධයෙන් කෙහෙළියගේ බෙහෙත් ගැනිල්ල නැවතී’ යන සිරස්තලය යටතේ පසුගිය 15 වැනිදා අප පත්‍රයේ පළවූ පුවත්පත් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමිනි.

එම කරුණු පැහැදිලි කිරීමේ ලිපියේ මෙසේද සඳහන් වෙයි.

අදාල ඖෂධ මිලදී ගැනීම වෛද්‍ය සැපයුම් අංශයෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වෙත ලබාදුන් නව ඇනවුමක් අනුව සිදු කිරීමට නියමිත වූ මිලදී ගැනීමකි. ඒ අනුව අදාළ ඖෂධ මිලදී ගැනීම නතර වී නොමැති අතර නියමිත ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කරමින් කටයුතු කර නියමිත වේලාවට ටෙන්ඩරය වැසීම සිදු කර ඇති අතර විවෘත කිරීම සම්බන්ධයෙන් මතු වුණු තාක්ෂණය කරුණක් නිසා ටෙන්ඩරය විවෘත කිරීම පමණක් කල් දැමිනි.

ඒ අනුව ඖෂධ මිලදී ගැනීම වෛද්‍ය සැපයුම් අංශයේ අවශ්‍යතාවය මත ඉදිරිපත් වූවක් වන අතර එය සෞඛ්‍ය ඇමතිතුමාගේ මැදිහත් වීමෙන් හෝ උපදෙස් මත සිදුවූවක් නොවූ අතර එය නිලධාරීන්ගෙන් එල්ල වූ විරෝධතාවක් හේතුවෙන් නතර වීමක් ද සිදුව නොමැත.

මෙම ඖෂධ සැපයීම සම්බන්ධයෙන් වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයා අවස්ථා කිහිපයකදීම සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති ප්‍රධාන පෙළේ සාකච්ඡා කීපයකදීම ඉල්ලීම් කර තිබේ. එසේ ඖෂධ සැපයීම නොකළහොත් මෙම ඖෂධ වල උග්‍ර හිඟයක් රට තුළ ඇතිවීමක් සිදුවිය හැකි බව ද එහිදී වෛද්‍ය සැපයුම් අංශය අංශයේ අධ්‍යක්ෂවරයා පෙන්වා දෙනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *