මීට වසර තුනකට පෙර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජේෂ්ඨ සිසුන් පිරිසක් විසින් නවක වදය දෙන අතරතුර ටයරයක් පෙරලා සිසුවෙකුට බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් පූර්ව පරීක්ෂණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති වරයාට නියෝග කළේය.

මෙසේ නියෝග කරන ලැබුවේ බුවනෙක අලුවිහාරයේ, ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු වෙන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසිනි.

නවක වද සිද්ධිය පිළිබඳ වාර්තා සහ ඊට එරෙහිව ගනු ලැබූ පියවර පිළිබඳව පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද නියෝග කෙරිණි.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නියෝග කළේ මෙම සිද්ධියෙන් තුවාල ලැබූ පසිදු නිරුශාන් සිල්වා නමැති සිසුවා විසින් ගොනු කරන ලද පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවය.

මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් වශයෙන්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ ඇත.

2020 මාර්තු මස 5 වැනි දින එවකට තමන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පළමු වසරේ සිසුවෙකුට සිටියදී තමන්ට නවක වදය දෙනු ලබන අතර තුර ජේෂ්ඨ ශිෂ්‍යයන් පිරිසක් ටයරයක් තමන්ට පෙරළා දැමීමෙන් තමන්ට බරපතළ තුවාල සිදුවී මේ සිද්ධිය සම්බන්ධයෙන් සුදුසු පියවර ගන්නා ලෙසට ඉල්ලා පෙත්සම්කාර සිසුවා විසින් මෙම පෙත්සම අධිකරණය හමුවේ ගොනු කරනු ලැබ ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *