සක්විති රජකම දෙනවා කිව්වත් ජනවරමකින් තොරව තනතුර බාර ගන්නෙ නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ප්‍රතිපත්ති කඩ කර රටේ ජනතාව අමකත කරන පෞද්ගලික බඩගෝස්තර වාදය වෙනුවෙන් ජනාධිපති හා අගමැති කම ලබා ගැනීමට තමා සූදානම් නොමැති බවද විපක්ෂනායකවරයා කීය.

පොහොට්ටුවේ 134ක ගේ සීමාසහිත වරමක් ගැන ජනාධිපති පුටුවට ගිය වත්මන් ජනාධිපතිවරයා පොහොට්ටුව හා කණ්ඩායම් ඒ ආරක්ෂකයා වී සිටින බවත් ඔහු චෝදනා කළේය.

මේ වන විට පාස්කු ප්‍රහාරයෙන් සත්‍ය පවා සගවමින් සිටින බවත් රටේ විපක්ෂ නායකවරයාට පවා කොමිෂන් සභා වාර්තාවේ පිටපත් ලබාගත නොහැකි ලෙස සගවා ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහිදී සදහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කීවේ සදහම් යාත්‍රා වැඩසටහන වැඩසටහනේ එක්දහස් පන්සීය වැනි වැඩසටහන කෑගල්ල ගලිගමුව වට්ටාරම රජමහා විහාරස්ථානයේදී පැවති අවස්ථාවේදී ය.

රට විනාශ කළ පුද්ගලයන් සමග ඩීල් ගැසුවා නම් මේ වන විට තමා රටේ ජනාධිපති නමුත් රට විනාශ කළ පොහොට්ටුව සමග කිසිදු ගිවිසුමක් නොමැති බවත් යම් හෙයකින් ඩීල් එකක් දමන්නේ දේශපාලන පක්ෂ සමග නොව ලක්ෂ දෙසිය විස්සක ජනතාව සමග පමණක් බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ වන විට ලක්ෂ දෙසිය විස්සක් වන ජනතාව රටේ සම්පත් හූරා කෑ හොරු රැල අධිකරණය ඉදිරියට ගෙනැවිත් අහිමිවූ සම්පත් නැවත අත්පත් කර ගැනීමට කැමැත්තෙන් සිටින බවත් විපක්ෂ නායකවරයා කීය.

කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *