මෙම වසරේදී දෙවතාවක්ම විදුලි බිල් ගාස්තුව සියයට 75කින් පමණ ඉහළ දමා තිබෙන නිසා එම වසර අවසානයේ රුපියල් කෝටි 5000 කට අධික පාඩුව පියවා ගැනීමට නම් ලබන ජනවාරි මස යළි ගාස්තු වැඩි කිරීමට සිදු ව ඇතැයි ඉංජිනේරුවෝ පවසති.

විදුලි ගාස්තු සංශෝධනය වන්නේ වසරකට දෙවතාවකී. පෞද්ගලික හා අධික වියදම් සහිත ප්‍රභවයන්ගෙන් විදුලිය මිලදී ගෙන අඛණ්ඩව පැය විසි හතරෙම විදුලිය ලබා දීමට ක්‍රියා කිරීම නිසා ගාස්තු වැඩි කර තිබියදී තාමත් ලංවීම මෙලෙස පාඩු ලබන බවද ඉංජිනේරුවෝ පවසති.

එනිසා මෙම වසරේ ඉතිරි වී තිබෙන මාස තුන හමාර තුළ යළි විදුලිය ඉහළ දැමීමක් සිදු නොකරන බවට ඔවුහු ඔවුහු විශ්වාසය පළ කරති.

ලංකා විදුලිබල මණ්ඩලය මේ දක්වා ලබා තිබෙන සමස්ත පාඩුව රුපියල් බිලියන පන්සියයක් පමණ යැයි ද ඔවුහු පවසති.

ශිරාන් රණසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *