භාණ්ඩ ප්‍රවාහන නෞකා දෙකක් කළු මුහුදේ අලූත්ම මාවතකින් යුක්රේන වරායට පැමිණ ඇති බව එරට බලධාරීන් දැනුම් දී තිබේ. නෞකා මගින් ලෝක වෙළදපොළට අලෙවි කිරීමට තිරිගු ටොන් 20,000ක් යැවීමට නියමිතය. රුසියාව භාණ්ඩ නෞකා වල ආරක්ෂාව පිළිබඳව තබා තිබුණු ගිවිසුම කඩ කළාට පසුව යුක්රේන වරායකට මෙම නෞකා පැමිණි පළමු අවස්ථාව මෙයය.
යුක්රේන කෘෂිකර්ම අමාත්‍යාංශයට අනුව මේ යාත්‍රා මගින් ඊජිප්තුවට සහ ඊශ්‍රාලයට තිරිගු යැවීමට නියමිතය.
සූරියකාන්ත තෙල්, බාර්ලි, තිරිගු සහ ඉරිඟු අපනයනය කරන රටවල් අතර යුක්රේනය පෙරමුණ ගනියි.
රුසියාව යුක්රේන ආක්‍රමණය කිරීමෙන් පසුව අපනයනය කිරීමට සූදානම් කර තිබූ ධාන්‍ය ටොන් මිලියන විස්සක් රුසියානු හමුදාව විසින් අවහිර කෙරිණි. එය ගෝලීය වශයෙන් ආහාර උද්ධමනයක් ඇති කිරීමටත් ආහාර මිල ඉහළ යාමටත් හේතු විය. යුක්රේනය, අප්‍රිකානු රටවල් සහ මැදපෙරදිග රටවලට ධාන්‍ය සපයන ප්‍රධාන රාජ්‍යය යි.