රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ වන විට මැතිවරණ කල් දමමින් යන නිසා ඊට එරෙහිව ජාත්‍යන්තරය මැදිහත් වීමක් ලබා ගැනීම පිළිබඳ නිදහස ජනතා සභාවේ අවධානය යොමු වී ඇත.

මේ වන විට පළාත් පාලන ඡන්ද විමසීම ද රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව කල් දමා ඇති අතර එජාපය නියෝජිතයින්ගේ ප්‍රකාශ වලින් පෙනී යන්නේ ජනාධිපති වරණයද කල් දැමීමේ සූදානමක් පවතින බව යැයිද මේ නිසා ඊට එරෙහිව ගතයුතු සෑම පියවරක්ම ගන්නේ යැයි ද පසුගියදා නිදහස ජනතා සභාවේ නියෝජිත හමුවකදී සාකච්ඡා වී තිබේ.

වත්මන් ආණ්ඩුවේ මෙම ක්‍රියාකලාපය නිසා ප්‍රජාතන්ත්‍රවාදය රට තුළ වැල ලෙමින් තිබෙන බවද මෙම තත්ත්වය සමනය කිරීමට විපක්ෂ එකතු විය යුතු බව ද මෙහිදී සාකච්ඡා වී ඇත.

IMF ණය වාරික පිළිබඳව සාකච්ඡා කිරීමට එම නියෝජිතයන් පිරිසක් ලංකාවට පැමිණීමට නියමිත අතර ඒ පිරිසට ද ලංකාවේ වර්තමාන ප්‍රජාතන්ත්‍රික විරෝධී වැඩපිළිවෙළ පිළිබඳ කරුණු කීමට නිදහස ජනතා සභාවේ මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු කර තිබේ.

නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් ගේ ප්‍රධානත්වය මෙම සාකච්ඡාව පවත්වා ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *