ආසියානු කුසලාන ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති ඉන්දීය ශ්‍රී ලංකා අවසන් තරගයේ පාවාදීමක් සිදු වූයේ දැයි සොයා බලා එවන් ක්‍රීඩකයන් වෙතොත් රටට හෙළි කරන ලෙස අල්ලස, දූෂණය, නාස්තිය එරෙහි පුරවැසි බලය සංවිධානය ඊයේ පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේ ය. මෙම පැමිණිල්ල පොලිස්පතිවරයා වෙත යොමුකර තිබිණි.

පැමිණිල්ල ඉදිරිපත් කළේ එම සංවිධානයේ සභාපති ජාමුනී කමන් කුමාර මහතා මෙහිදී පැවසුවේ සුළු කාලයක් ඇතුළත දී මුළු ක්‍රීඩා කණ්ඩායම දැවීයාම අල්ලසට යට වී ක්‍රීඩා පාවා දුන්නේද යන්න කිසියම් සැක සහිත භාවයක් ඇති කරන බවය.

1999 සහ 2003 වසරවලදී ක්‍රීඩා තරඟ පාවාදුන් ක්‍රීඩකයන් දැන් අත්අඩංගුවේ සිටීම එවන් සැකසහිත භාවයක් ඇති වීමට ප්‍රධාන හේතුව බව ද ඒ මහතා අවධාරණය කළේය. එවන් අවස්ථාවක් නිසා තරගය ඉන්දියාවට පාවා දුන්නේ ද යන්න සැක සහිත වන්නේ ක්‍රීඩකයන් ක්‍රීඩා කළ විලාසය දකිද්දීද බව හෙතෙම පැවසුවේය.

ප්‍රේක්ෂකයන් පෝලිම් වල සිට ටිකට්පත් මිලදී ගෙන ක්‍රීඩා ක්‍රීඩාපිටියට යන්නටත් කලින් තරගය නිම වීම ටී 20 තරගවලදී ක්‍රිකට් පාලක මණ්ඩලය වංචා දූෂණය කළ විගණන මහතා සම්බන්ධයෙන් අල්ලස් සහ දූෂණ විමර්ශන ඒකකයට පැමිණිලි කර ඇති බව ද ඒ මහතා සදහන් කළේය.

දිගින් දිගටම රටේ ක්‍රීඩාව පාවාදීම සිදු වුවහොත් ක්‍රීඩාව නිසා බැබළුණු රට ක්‍රීඩා පාවාදීම නිසා අප්‍රසාදයට පත් වීමට ඉඩ ඇති බවත් මෙය මුදලට යටවුණු සූදුවක් බවත් ද කීවේය. ක්‍රිකට් මණ්ඩලය දූෂිත බව කී හෙතෙම, මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ඇරඹීම ක්‍රීඩා අමාත්‍යවරයාගේ වගකීම බවද පෙන්වා දුන්නේය. මෙවන් පාවාදීම් කරන ක්‍රීඩකයන් කොයි තරම් දූෂිත ද යන්න සොයා ගෙන රටට හෙළි කරන ලෙස පොලිස්පතිවරයාගෙන් සහ ක්‍රීඩා ඇමතිවරයාගෙන් ද ඔහු ඉල්ලා සිටියේය.

ඔහු විසින් යොමු කරන ලද පැමිණිල්ල පොලිස්පතිවරයා වෙත යොමු කරන බවද පොලිස් මූලස්ථානය අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *