ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට හස්ති භාරකරුවන් පුහුණු කිරීමේ වැඩසටහනක් ඊයේ කෑගල්ල පින්නවල අලි අනාථාගාරයේ දී ආරම්භ කෙරිණි.

2018 වර්ෂයේ ගෙනා යෝජනාවකට අනුව එවකට සත්වෝදත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා මල්සිංහ නියෝජ්‍ය අධ්‍යක්ෂ රේණුකා බණ්ඩාරනායක මහත්මීන්ගේ කාලයේ මෙම පාඨමාලාව ආරම්භ කිරීමට කටයුතු සිදුකර ඇති අතර සම්පත් දායකත්වය ලබා ගැනීමට ප්‍රමාද වීම හේතුවෙන් පාඨමාලාව ආරම්භ කිරීමට ප්‍රමාද වී තිබේ. සම්පත් දායකත්වය ලබා ගැනීමෙන් පසුව ඊයේ පෙරවරුවේ පින්නවල සත්වෝද්යානයේ දී චාම් උත්සවයක් සංවිධානය කර තිබිණි. වනජීවි හා වන රක්ෂණ දෙපාර්තමේන්තුවේ ලේකම් චන්ද්‍රා හේරත්, සත්ව උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තිලක් ප්‍රේමකාන්ත මහත්වරුන් ගේ සහභාගිත්වයෙන් පාඨමාලාවේ පළමු දින ආරම්භ කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *