ශ්‍රී ලංකා ක්‍රිකට් පිටිය සදාතනික දිරිගන්වන්නා ලෙස සැලකෙන පර්සි අබේසේකර මහතාගේ සෞඛ්‍ය සහ යහපැවැත්ම වෙනුවෙන් රුපියල් ලක්ෂ 50ක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පිරිනමයි. අසනීප තත්ත්වයෙන් සිටින අබේසේකර මහතාගේ සෞඛ්‍යමය අවශ්‍යතා වෙනුවෙන් මෙම මුදල පරිත්‍යාග කිරීම ඊයේ පර්සි අබේසේකර මහතාගේ නිවසේ දී සිදුවිය.
ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව ගත් තීරණයක් අනුව මෙම මුදල් පරිත්‍යාගය සිදුකර ඇති අතර, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට කළ දායකත්වය අපමණ බවත්, ඔහුගේ දිරිගැන්වීම සමස්ත ක්‍රීඩාවට ශක්තියක් වූ බවත් සිහිපත් කර සිටී.