ලෝක වසංගත තත්ත්වයක් වූ කොවිඩ් රෝගය ව්‍යාප්තිය සම්බන්ධයෙන් රජය හා මහජනතාව බිය ගැන්වීමේ අදහසින් සමාජ මාධ්‍ය හරහා අසත්‍ය ප්රවෘත්ති පළ කිරීමේ චෝදනාවට අධිකරණය හමුවේ වරද පිළිගත් තරුණයෙකුට වසර 5කට අත්හිටවූ මාස හයක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ නියම කළේය.
එලෙස දඬුවම් නියම වූයේ තිස්ස මහාරාම පදිංචි මුතු මාන ශශික ප්‍රබෝධ නැමැත්තාට ය.
2020 මාර්තු මස දිනක දී ලෝක වසංගත ව්‍යාප්ත රෝගී තත්ත්වයක් වන කොවිඩ් සම්බන්ධයෙන් රාජපක්ෂ පවුල සදහන් කරමින් අසත්‍ය ප්‍රවෘත්තියක් අන්තර්ජාලයට මුදා හරිමින් මහජනතාව හා රජය දැඩි අපහසුතාවයට පත් කළ බව පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරුට එරෙහිව එම නඩුව අධිකරණය හමුවේ පවසා තිබිණ.
අධිකරණය හමුවේ වරද පිළිගත් සැකකරු සඳහන් කර සිටියේ මෙම තමන් නිර්මාණය කළ ප්‍රවෘත්තියක් නොවන බවත් 14,239 දෙනෙක් අතරේ හුවමාරු වූ ප්‍රවෘත්තියක් බවය.
අදාළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකාර තරුණයා ට වසර පහක් අත්හිටුවූ මාස හයක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කළේය.